#_නව_පිවිසුම්_දොරටුව_සිසු_අයිතියට_පත්_කිරීම.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට මහත් අඩුපාඩුවක්ව පැවති ප්‍රධාන පිව්සුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම පසුගිය සදුදා (09) දින එම ඉදිකිරීමට දායකත්වය ලබා දුන් ආදි විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
විදුල්පතිතුමාගේ ඉල්ලීම පරිදී රුපියල් ලක්ෂ 12ට ආසන්න මුදලකින් යුත් මෙම ඉදිකිරීම් කටයුත්ත වෙනුවෙන් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයන් පිරිසක් විසින් දායකත්වය ලබා දෙන ලදි.
එහි දී විද්‍යාලයෙහි ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයට අනුබද්ධව ක්‍රියාත්මක වන "විද්‍යාර්ථීන්ගේ සංගමය" නියෝජනය කරමින් එහි සභාපති ලංකා බැංකුවේ ජ්‍යෂ්ට කළමනාකාර (හිටපු) සිරිසේන දිසානායක මහතා, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ අචාර්ය ආර්.එම් රත්නායක මහතා, කලුතර ජාතික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ කථිකාචාර්යවරයෙකු වූ දයාවංශ බණ්ඩාරනායක මහතා, කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයේ (හිටපු) විද්‍යා විෂය අධ්යක්ෂ ආර්. බී. දිසානායක මහතා, ව්‍යාපාරික අනුර රාජපක්ෂ මහතා, නීතීඥ තුෂාර වීරසිරි මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ උප ශාලාධිපති චමින්ද කුමාර මහතා හා වාස්තු විද්‍යාඥ බුද්ධික විරාජ් මහතා සහභාගී විය. එහි දී මේ කාර්ය වෙනුවෙන් ඔවුන් දැක්වූ දායකත්වය උදෙසා පාසල් ප්‍රජාව වෙනුවෙන් සමුරු සිහිවටන පිළිගැන්වීම ද විදුහල්පතිතුමා අතින් සිදු කරන ලදි.
මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලේඛකාධිකාරි (හිටපු) පී. එම්. සිරිවර්ධන බණ්ඩාර, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, මහජන බැංකුවේ සේවය කළ පද්මසිරි දිසානායක, උදේනි චූලරත්න, ව්‍යාපාරික ජයනාත රාජපක්ෂ, වෛද්‍ය ගයාන් කුමාරසිරි හා ගුණසේකර බණ්ඩාර යන මහත්වරුන් ද එදිනට සහභාගී නොවුණ පිරිස වන අතර ඔවුන්ව ද ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතු ය.
මෙම අවස්ථාවේදී පාසලේ නව වෙබ් පිටුව විවෘත කිරීම ද විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදි. එහි දී ඒ සඳහා වෙහෙස මහන්සි වූ දරුවන් ඇගයීම ද සිදු කරන ලදි.