උසස් පෙළ විශිෂ්ටයෝ 2024
මෙවර 2024 අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ තෙවන (03) ස්ථානය ද, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ පස්වන (05), හත්වන (07), නමවන (09) හා දහවන (10) ස්ථාන ඇතුළුව කලා, වාණිජ, ගණිත, ජීව විද්‍යා, තාක්ෂණ හා පොදු විෂය ධාරා යන අංශයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල සමගින් සිසු සිසුවියන් 75ක් විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට සමත් විය.
මේ අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ සියලු දෙනාටත්, උසස් පෙළ විභාගයට මුහුණ දී පාසලට කීර්තියක් ගෙන දුන් සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසලේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, සියලුම අංශ ප්‍රධානීන්, සියලු ගුරුභවතුන් හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුබාශිංෂණ....
මෙවර අ. පො. ස. උසස් පෙළ විභාගයේ දී අප විද්‍යාලයේ වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ තෙවන (03) ස්ථානය ද, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ පස්වන (05), හත්වන (07), නමවන (09) හා දහවන (10) ස්ථාන ඇතුළුව කලා, වාණිජ, ගණිත, ජීව විද්‍යා, තාක්ෂණ හා පොදු විෂය ධාරා යන අංශයන්ගෙන් සිසු සිසුවියන් 75ක් විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට සමත් විය.
එහි දී වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය කේ. ජී. නිපුන් කුමාරතුංග ශිෂ්‍යා හිමිකර ගත් අතර එම විෂය ධාරාව යටතේ සිසු සිසුවියන් 13 දෙනෙකු විශ්වවිද්‍යාලයට තේරී පත් විය.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ 05 වන ස්ථානය බී. එම්. සවිදි මලීෂා ශිෂ්‍යාවත්, 07 වන ස්ථානය එච්. එම්. ප්‍රබෝධා මයුරි ශිෂ්‍යාවත්, 09 වන ස්ථානය ජේ. එම්. සඳුන් කාවින්ද ශිෂ්‍යාත් 10 වන ස්ථානය ඒ. එම්. ඉෂාර සංජීව යන ශිෂ්‍යාත් හිමි කරගත් අතර එම විෂය ධාරාව යටතේ සිසු සිසුවියන් 15 දෙනෙකු විශ්වවිද්‍යාලය වරම් හිමි කර ගන්නට විය.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ15 වන ස්ථානය ඩබ්. එම්. අජිත් ශිෂ්‍යා හිමි කර ගත් අතර එම විෂය ධාරාව යටතේ සිසු සිසුවියන් 12 දෙනෙකු විශ්වවිද්‍යාලයට තේරී පත් විය.
ගණිත අංශයෙන් දිස්ත්‍රික්කයේ 16 වන ස්ථානය ලබා ගනිමින් ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීමට එච්. එම්. වනුජ දමිරු ශිෂ්‍යා සමත් වූ අතර එම විෂය ධාරාව යටතේ සිසු සිසුවියන් 16 දෙනෙකු විශ්වවිද්‍යාලය සඳහා ප්‍රවේශ වීමට සුදුසුකම් ලැබීය.
ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයේ 25 වන ස්ථානය ලබා ගනිමින් වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබීමට ජේ. ඒ. මධාරා බුද්ධිනී ශිෂ්‍යාව සමත් වූ අතර එම විෂය ධාරාව යටතේ සිසු සිසුවියන් 06 දෙනෙකු විශ්වවිද්‍යාලයට තේරී පත් විය.
කලා විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ 29වන ස්ථානය ලබා ගැනීමට කේ. ප්‍රබෝධනී මහේෂිකා ශිෂ්‍යාව සමත් වූ අතර එම විෂය ධාරාව යටතේ සිසු සිසුවියන් 10 දෙනෙකු විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට සුදුසුකම් ලබා ගන්නට විය.
පොදු විෂය ධාරාව යටතේ ද සිසුන් තිදෙනෙකු (03) ද විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට සමත් විය.



