වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6-9)

  • කොණ්ඩය පැත්තට පීරීමට හැකි වන සේ කොටට කපා තිබිය යුතුය.
  • අත් කොට සුදු කමිසය ඇදිය යුතුය.
  • කමිසයේ අත වැලමිටේ සිට අගල් 1ක් හා අතේ ප්‍රමාණයට වඩා විශාල වීම හෝ අතට හිර නොවිය යුතුය.
  • කලිසමේ ඉණ පටිය අගල් 1.5ක් ගණ කම් ගාංචු සහිත විය යුතුය
  • කමිසයේ වම් පස සාක්කුවේ දකුණු කෙළවර පාසල් නිල ලාංඡනය ස්ථිරව පැළඳිය යුතුය.
  • ඔරලෝසු අත් පළඳනා නුල් කැබලි ආභරණ පැළඳිය නොහැක.
  • නිල්පහැ කලිසමේ දෙපස සාක්කු දෙකක් හා පසුපස දකුණු පැත්තේ එක් සාකකුවක් තිබිය යුතුය.
  • පාසල අනුමත කරන කළු සපත්තු කළු මේස් පැලදිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කොණ්ඩය පැත්තට පීරීමට හැකි වන සේ කොටට කපා තිබිය යුතුය.
  • අත් කොට සුදු කමිසය ඇඳිය යුතුය.
  • කමිසයේ අත වැලමිටේ සිට අගල් 1 ක් හා අතේ ප්‍රමාණයට වඩා විශාල වීම හෝ අතට හිර නොවිය යුතුය.
  • කලිසමේ වාටිය අගල් 16ක් විය යුතුය.
  • කමිස සාක්කුවේ වම කෙළවර නිල ලාංඡනය ස්ථිරව පැළඳිය යුතුය.
  • කලිසමේ දෙපස සාක්කු දෙකක් හා පසුපස දකුණු පැත්තේ එක් සාකකුවක් තිබිය යුතුය.
  • ඔරලෝසු අත්පලදනා නුල් කැබලි ආභරණ පැලදිය නොහැක.
  • පාසල අනුමත කරන කළු සපත්තු පැළඳිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)

  • දිග කොණ්ඩය මැදින් පීරා කරල් දෙකට ගොතා රතු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
  • අත් කොට සුදු ගවුම් ඇඳිය යුතුය.
  • ගවුමේ අත වැලමිටේ සිට අගල් 4ක් හා අතේ ප්‍රමාණයට වඩා විශාල වීම හෝ අතට හිර නොවිය යුතුය.
  • ගවුමේ වාටිය දණ හිස සම්පූර්ණයෙන් වැසෙන සේ හෝ දණ ගැසූ විට පොළව ස්පර්ෂ වන මට්ටම විය යුතුය.
  • ඇහි බැම සැකසීම විසිතුරු කරාබු පැළඳිිම නොකළ යුතුය.
  • ගවුමේ දකුණු අතේ නිල ලාංඡනය පැළඳිය යුතුය.
  • කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
  • ඔරලෝසු අත්පලදනා නුල් කැබලි ආභරණ පැළඳිය නොහැක.
  • පාසල අනුමත කරන සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය.