වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
vaishakhya_festival_2025

වෙසක් උත්සවය 2025

වෛශාඛ්‍ය මංගල්‍යය 2025 ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන තෙමඟුල සිහි කරමින් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය විසින් පසුගිය මැයි මස 12 හා 13 වන දෙදින තුළ ආමිස හා ප්‍රතිපත්ති පූජා යන දෙංශයෙන් වැඩ සටහන් රාශියක් සංවිධානය කර සාර්ථකව නිමා කරන ලදි.

එහි දී, මැයි මස 07 වන දින පාසලේ දරු දැරියන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය වෙනුවෙන් ධර්ම දේශනාවක් පවත්වන්නට යෙදුණි.
එලෙස ම, පසුගිය 12 වන දින තාක්ෂණ අංශය විසින් සකසන ලද අලංකාර වෙසක් පහන් කූඩුව ප්‍රදර්ශනය කළ අතර වාණිජ අංශය විසින් එදිනට සහභාගී වූ සැදැහැවතුන්ට මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදි.
පසු දින එනම් 13 වන දින ද වෙසක් පහන් කූඩුව ප්‍රදර්ශනය කිරීම හා කලා අංශය විසින් පාන් සහ සීනි සම්බල් දන්සලක් පැමිණි සැදැහැවතුන්ට පිළිගන්වන ලදි.
තව ද, පාසල් පරිශ්‍රය සහ පාසලේ ඉදිරිපස අලංකාර වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය හා ආලෝකමත් කිරීම 06 - 11 ශ්‍රේණිවල සහ විද්‍යා අංශයේ දායකත්වයෙන් සිදු කරන්නට විය.
මෙම අවස්ථාවන් සඳහා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අසංක දිසානායක මහතා, නීතීඥ තුෂාර වීරසිරි මහතා, සෙංකඩගල ෆිනෑන්ස් කළමනාකරු, දිනුක පැතුම් මහතා, වෙල්ලස්ස ප්‍රවාහන සේවයේ අධිපති දිසානායක බණ්ඩාර මහතා, විරාජ් හෙට්ටිගමගේ මහතා, මිලානෝ හාඩ්වෙයාර් අධිපති අසේල පෙරේරා මහතා හා එම මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී විය.

     

Latest News

පිළිගනිමු හෙට ලොවට නියමුවන් (2025)

#_පිළිගනිමු_හෙට_ලොවට_නියමුවන්.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය 2025 වර්ෂයට අදාළ නවක ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය 12 වන දින බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රසාද් හේරත් මහතාගේ හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අසංක දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේ ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදි. 

නව පිවිසුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම.

#_නව_පිවිසුම්_දොරටුව_සිසු_අයිතියට_පත්_කිරීම.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට මහත් අඩුපාඩුවක්ව පැවති ප්‍රධාන පිව්සුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම පසුගිය සදුදා (09) දින එම ඉදිකිරීමට දායකත්වය ලබා දුන් ආදි විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි. 

වෙසක් උත්සවය 2025

වෛශාඛ්‍ය මංගල්‍යය 2025 ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන තෙමඟුල සිහි කරමින් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය විසින් පසුගිය මැයි මස 12 හා 13 වන දෙදින තුළ ආමිස හා ප්‍රතිපත්ති පූජා යන දෙංශයෙන් වැඩ සටහන් රාශියක් සංවිධානය කර සාර්ථකව නිමා කරන ලදි.

ධර්‍ම දේශනාව 2025

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 2025 වෙසක් උත්සවය ප්‍රථම කොටගත් ධර්‍ම දේශනාව

උසස් පෙළ විශිෂ්ටයෝ 2024

උසස් පෙළ විශිෂ්ටයෝ 2024

මෙවර 2024 අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ තෙවන (03) ස්ථානය ද, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ පස්වන (05), හත්වන (07), නමවන (09) හා දහවන (10) ස්ථාන ඇතුළුව කලා, වාණිජ, ගණිත, ජීව විද්‍යා, තාක්ෂණ හා පොදු විෂය ධාරා යන අංශයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල සමගින් සිසු සිසුවියන් 75ක් විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට සමත් විය.