වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
නව පිවිසුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම.

නව පිවිසුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම.

#_නව_පිවිසුම්_දොරටුව_සිසු_අයිතියට_පත්_කිරීම.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට මහත් අඩුපාඩුවක්ව පැවති ප්‍රධාන පිව්සුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම පසුගිය සදුදා (09) දින එම ඉදිකිරීමට දායකත්වය ලබා දුන් ආදි විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි. 

විදුල්පතිතුමාගේ ඉල්ලීම පරිදී රුපියල් ලක්ෂ 12ට ආසන්න මුදලකින් යුත් මෙම ඉදිකිරීම් කටයුත්ත වෙනුවෙන් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයන් පිරිසක් විසින් දායකත්වය ලබා දෙන ලදි. 
එහි දී විද්‍යාලයෙහි ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයට අනුබද්ධව ක්‍රියාත්මක වන "විද්‍යාර්ථීන්ගේ සංගමය" නියෝජනය කරමින් එහි සභාපති ලංකා බැංකුවේ ජ්‍යෂ්ට කළමනාකාර (හිටපු) සිරිසේන දිසානායක මහතා, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ අචාර්‍ය ආර්.එම් රත්නායක මහතා, කලුතර ජාතික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ කථිකාචාර්යවරයෙකු වූ දයාවංශ බණ්ඩාරනායක මහතා, කොළඹ කලාප අධ්‍යාපන කාර්‍යාලයේ (හිටපු) විද්‍යා විෂය අධ්‍යක්ෂ ආර්. බී. දිසානායක මහතා, ව්‍යාපාරික අනුර රාජපක්ෂ මහතා, නීතීඥ තුෂාර වීරසිරි මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ උප ශාලාධිපති චමින්ද කුමාර මහතා හා වාස්තු විද්‍යාඥ බුද්ධික විරාජ් මහතා සහභාගී විය. එහි දී මේ කාර්‍ය වෙනුවෙන් ඔවුන් දැක්වූ දායකත්වය උදෙසා පාසල් ප්‍රජාව වෙනුවෙන් සමුරු සිහිවටන පිළිගැන්වීම ද විදුහල්පතිතුමා අතින් සිදු කරන ලදි.
මෙම කාර්‍ය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලේඛකාධිකාරි (හිටපු) පී. එම්. සිරිවර්ධන බණ්ඩාර, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, මහජන  බැංකුවේ සේවය කළ පද්මසිරි දිසානායක, උදේනි චූලරත්න, ව්‍යාපාරික ජයනාත රාජපක්ෂ, වෛද්‍ය ගයාන් කුමාරසිරි හා ගුණසේකර බණ්ඩාර යන මහත්වරුන් ද එදිනට සහභාගී නොවුණ පිරිස වන අතර ඔවුන්ව ද ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතු ය. 
මෙම අවස්ථාවේදී පාසලේ නව වෙබ් පිටුව විවෘත කිරීම ද විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදි. එහි දී ඒ සඳහා වෙහෙස මහන්සි වූ දරුවන් ඇගයීම ද සිදු කරන ලදි.

Latest News

පිළිගනිමු හෙට ලොවට නියමුවන් (2025)

#_පිළිගනිමු_හෙට_ලොවට_නියමුවන්.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය 2025 වර්ෂයට අදාළ නවක ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය 12 වන දින බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රසාද් හේරත් මහතාගේ හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අසංක දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේ ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදි. 

නව පිවිසුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම.

#_නව_පිවිසුම්_දොරටුව_සිසු_අයිතියට_පත්_කිරීම.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට මහත් අඩුපාඩුවක්ව පැවති ප්‍රධාන පිව්සුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම පසුගිය සදුදා (09) දින එම ඉදිකිරීමට දායකත්වය ලබා දුන් ආදි විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි. 

වෙසක් උත්සවය 2025

වෛශාඛ්‍ය මංගල්‍යය 2025 ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන තෙමඟුල සිහි කරමින් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය විසින් පසුගිය මැයි මස 12 හා 13 වන දෙදින තුළ ආමිස හා ප්‍රතිපත්ති පූජා යන දෙංශයෙන් වැඩ සටහන් රාශියක් සංවිධානය කර සාර්ථකව නිමා කරන ලදි.

ධර්‍ම දේශනාව 2025

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 2025 වෙසක් උත්සවය ප්‍රථම කොටගත් ධර්‍ම දේශනාව

උසස් පෙළ විශිෂ්ටයෝ 2024

උසස් පෙළ විශිෂ්ටයෝ 2024

මෙවර 2024 අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ තෙවන (03) ස්ථානය ද, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ පස්වන (05), හත්වන (07), නමවන (09) හා දහවන (10) ස්ථාන ඇතුළුව කලා, වාණිජ, ගණිත, ජීව විද්‍යා, තාක්ෂණ හා පොදු විෂය ධාරා යන අංශයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල සමගින් සිසු සිසුවියන් 75ක් විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට සමත් විය.