වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Uva-Province-School-Sports-2025

ඌව පළාත් පාසල් ක්‍රීඩා - 2025

ඌව පළාත් පාසල් ක්‍රීඩා - 2025 පසුගිය දා නිමාවට පත් වූ ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ දී නව තරඟ වාර්තා දෙකක් සමඟින් ඌව පළාතේ සමස්ත 685ක් වූ පාසල් අතුරින් 12 වන ස්ථානය හා බාලක ක්‍රීඩා තරගවලින් 08 වන ස්ථානය ලබා ගැනීමට වෙල්ලස්ස මැදි විදුහල සමත් විය.  එහි දී ;

🏅වයස අවුරුදු 16න් පහළ  බාලක දුර පැනීම ඉසව්වෙන්  ඒ. එම්. නදීප දෙනෙත් පුතණුවන් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

🏅වයස අවුරුදු 20න් පහළ බාලක හෙල්ල විසි කිරීම ඉසව්වෙන් අශාන් විදුරංග පුතණුවන් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.  මෙම ජයග්‍රහණවලට අමතරව ;

🥉වයස අවුරුදු 20න් පහළ බාලක කවපෙත්ත විසි කිරීම ඉසව්වෙන් අශාන් විදුරංග පුතණුවන් තෙවන ස්ථානය ද

🥇🥈🥉වයස අවුරුදු 14න් පහළ බාලක දුර පැනීම, මීටර් 100 හා මීටර් 60 ඉසව්වලින් කේ. කේ. රනිදු විහඟ පුතණුවන්  පිළිවෙලින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

🥇වයස අවුරුදු 16න් පහළ බාලිකා දුර පැනීම ඉසව්වෙන් ඩී. එම්. මියුමි සංසලා දියණිය ද ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.  මෙම ජයග්‍රහණ ලබා දෙමින් පාසල් මාතාව ඔසවා තැබීමට කටයුතු කළ දුවා දරුවන්ටත් එම දරුවන් පුරුදු පුහුණු කළ ක්‍රීඩා අංශයේ සියලු ගුරුභවතුන්ටත් විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුභාශිංෂණ.