♟️ වෙල්ලස්ස ජාතික පාසලට චෙස් ජයග්‍රහණ තවත් එකක්!
ශ්‍රී ලංකා චෙස් සංගමය විසින් සංවිධානය කළ Sri Lanka National Youth Chess Championship 2025 මොණරාගල දිස්ත්‍රික් තරගාවලියේදී, වෙල්ලස්ස ජාතික පාසලේ දරුවන් උසස් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය.
🏆 ලැබූ ජයග්‍රහණ:
-
🥇 අවුරුදු 15න් පහළ බාලක ශූරතාවය
-
🥈 අවුරුදු 15න් පහළ බාලිකා අනුශූරතාවය — අඛණ්ඩව වසර දෙකක් තිස්සේ මේ ජයග්‍රහණය ලබා ගැනීම අති විශිෂ්ට මනාපයයි.
-
🥉 අවුරුදු 11න් පහළ බාලිකා තෙවන ස්ථානය
එම තරගාවලියට සහභාගී වූ දරු දැරියන් අතරින් දස දෙනෙකුටම සමස්ත ලංකා ජාතික තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි විය.
මෙම සාර්ථකත්වය පාසලේ නම දිස්ත්‍රික් මට්ටමේද ජාතික මට්ටමේද තවත් උසස් කර ඇති බව අපගේ අභිමානයයි.
වෙල්ලස්ස විදු මාතාව වෙනුවෙන් මේ ජයග්‍රහණ ලබා දුන් සියලු දරුවන්ටත්, ඔවුන් පුරුදු පුහුණු කළ ගුරුභවතුන්ටත්, සහ අඛණ්ඩ මගපෙන්වීම සපයා දුන් විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අපගේ උණුසුම් සුභාශිංෂණ! 💐
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |















