වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
 ගෘහ ආර්ථික විද්‍යා සහ ශ්‍රී ලංකා සංචාරක තරගාවලීන්හි අභිමානවත් ජයග්‍රහණ

ගෘහ ආර්ථික විද්‍යා සහ ශ්‍රී ලංකා සංචාරක තරගාවලීන්හි අභිමානවත් ජයග්‍රහණ

🏆 ගෘහ ආර්ථික විද්‍යා සහ ශ්‍රී ලංකා සංචාරක තරගාවලීන්හි අභිමානවත් ජයග්‍රහණ

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ දක්ෂ ශිෂ්‍ය පිරිසක්, තම දැනුම, නිපුණතාව සහ කැපවීමෙන් තවත් විශිෂ්ට සම්මාන දිනා ගැනීමට සමත් වූහ.

ගෘහ ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගාවලියේදී කලාප මට්ටමින් අභිමානවත් ජයග්‍රහණයක් ලබා දුන් දරුවන් ඇගයීමත්,
Sri Lanka Tourism Competition තරගය සඳහා සහභාගි වූ ශිෂ්‍ය පිරිසට ඇගයීමත් පසුගිය දා උත්සවශූරයෙන් සිදු කරන ලදී.

මෙහිදී,
🌸 Sri Lanka Tourism Competition අවසන් මහා තරගයට සහභාගිත්වය සඳහා
ශිෂ්‍යාව ඩී. එම්. තරුෂි නවෝද්‍යා වෙත සහතිකපත් ප්‍රදානය සිදු කරන ලදි.

එමෙන්ම ගෘහ ආර්ථික විද්‍යා තරගය තුළින් ජයග්‍රහණය අත්පත් කරගත්

  • 👩‍🎓 ඩී. එම්. දිලුක්ෂි තරුෂි

  • 👩‍🎓 ඊ. එස්. ඩබ්. අමාෂා ශාමලී

  • 👩‍🎓 කේ. ආර්. නුවන්ගි නයනතාරා

දියණියන් වෙත සහතිකපත් ප්‍රදානයත් එදින සිදු කරන ලදී.

මෙම ජයග්‍රහණයන් ඔස්සේ, අපගේ ශිෂ්‍යයන්ගේ දැනුම හා නිපුණතාව පෙන්වා දීම පමණක් නොව, වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනමය මට්ටම තවත් උසස් මට්ටමකට පියනගන්නට තවත් පියවරක් තැබිය.

විදුහල්පතිතුමාගේ දීප්තිමත් නායකත්වය යටතේ, ගුරු මණ්ඩලයේ කැපවීම හා දරුවන්ගේ උත්සාහය තුළින් මේ ජයග්‍රහණය සැබෑවිය.

💫 "වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය — දැනුමෙන්ද කලායෙන්ද ශ්‍රේෂ්ඨත්වය පෙන්වන පාසලක්."