වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2025

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2025

🌺 වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ අභිමානවත් ජයග්‍රහණයක් – 2025

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය – 2025 අභිමානවත් ජයග්‍රහණයකින් අපගේ පාසලට තවත් ප්‍රතිඵලදායක පිළිගැනීමක් ලබා දුන්නේය.

අපගේ දක්ෂ ශිෂ්‍යයා දිනෙත් හිමංස පුතණුවන්
🥇 07 ශ්‍රේණියේ පද්‍ය ගායනා අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ද,
🥇 එම අංශයේ ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය
දිනා ගැනීමට සමත් වූයේය.

මෙම අභිමානවත් ජයග්‍රහණය ඔස්සේ, දිනෙත් හිමංස වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ නාමය රට පුරා උසස් කළාය. ඔහුගේ කැපවීම, නිරතුරුව උත්සාහය සහ ගායන පරමපාවත නිසා මෙම ජයග්‍රහණය සැබෑවූ අතර, ඔහුට මෙන්ම ඔහුව පුරුදු කළ සංගීත අංශයේ ගුරු භවතුන්ට, සිංහල භාෂා ගුරු භවතුන්ට, සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවනීය ආභාෂණය ද පිරිනමන්නෙමු.

විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය, රටේ දක්ෂම ශිෂ්‍යයන් බිහි කරන උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බව තවත් වරක් සනාථ කරයි.

💫 "වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය — ශ්‍රේෂ්ඨත්වය අපේ අභිමානයයි."